ගොවියන්ගෙන් වී මිලදී ගැනීමට පවා රජයට නිසි යාන්ත්‍රණයක් නොමැති බවට චෝදනා එල්ල වෙමින් පවතින අවස්ථාවක මෙම කන්නයේදී පමණක් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 29 ක් එක් රැස් කිරීමට රජය සුදානම් වන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
පුද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග සංවාදයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබෙනවා.
එක පෑන් පහරකින් ජනාධිපතිවරයාට සහල් ගැටලුව විසඳිය හැකි බවට ඔහු මීට පෙර සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම වැඩසටහනේ දී ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.
ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ තමන් එසේ සඳහන් කලේ කතාවට බවයි නමුත් එය ක්‍රියාවලියකට අනුව සිදුවිය යුතු බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
ඒ අනුව ඔහු විසින් සහල් සම්බන්ධයෙන් මීට පෙර සිදුකළ ප්‍රකාශය ඔහු විසින්ම හුදෙක් කතාවට පමණක් සිදුකළ ප්‍රකාශයක් බව පිළිගන්නා අවස්ථාවක මෙම සාකච්ඡාවේදී ඔහු සිදු කළ මෙවර කන්නයේදී රජයට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 29 එක් රැස් කිරීමේ කතාවද විවාද සම්පන්න වී තිබෙනවා.
Mee Massoo TV සමඟ විශේෂ සංවාදයකට එක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ විසින් අවධාරණය කළේ මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාවයද මෙට්‍රික් ටොන් ලක්ෂ 25 ක අගයට ආසන්න මට්ටමක පවතින බවයි.
එමෙන්ම මේ වන විට සහල් ආනයනය කිරීමද නවතා දමා ඇති මොහොතක රජය සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 29 මෙම කන්නයෙන් පමණක් රැස් කර ගන්නා බව කීම විහිලු සහගත කරුණක් වී තිබෙනවා.
මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ රජයට අයත් සියලුම ගබඩා භාවිත කළ ද වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුන හමාරකට වඩා එම ගබඩාවල ගබඩා කර නොහැකි බවයි.
එමෙන්ම කිසිවිටෙකත් මෙම කන්නයේ දී පමණක් මෙට්‍රික් ටොන් ලක්ෂ 29 ක සහල් තොගයක් ගබඩා කර ගැනීම කිසිවිටකත් කල නොහැකි බවද මහාචාර්යවරයා අවධාරණය කරනවා.
අත නොහැර කියවන තැන
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?
රේගු පරීක්ෂාවක් නොකර බහාලුම් 323ක් නිදහස් කිරීමේ සිදුවීම ජනපති අනුරට අභියෝගයක් – අමාත්‍යංශ මට්ටමින් විමර්ශනයක්