දකුණු ආසියාවේ විශාලතම මස් ආශ්‍රිත ආහාර සැකසුම් කර්මාන්ත ශාලාවලින් එකක් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේදී (IPZ) පසුගියදා විවෘත කෙරුණා.
මස් ආශ්‍රිත ආහාර සැකසුම් කර්මාන්ත ශාලාව දේශීය ව්‍යාපාරිකයකුට අයත් වන අතර ඒ සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් බිලියන 1.5 ක්.
කර්මාන්ත ශාලාව පිහිටුවීමේ අරමුණ වී තිබෙන්නේ ජාත්‍යන්තර වෙළඳපොලේ මස් ආශ්‍රිත නිෂ්පාදන වලින් 10% ක් සපුරාලීමයි.
මෙම කර්මාන්ත ශාලාව අක්කර තුනක භූමි භාගයක පිහිටා ඇති අතර එමගින් උත්පාදනය කර ඇති රැකියා අවස්ථා ගණන 300කට අධික බව ද වාර්තාවනවා.
සොසේජස් , මීට් බෝල්ස් , හැම් , බේකන් වැනි මස් ආශ්‍රිත නිෂ්පාදන මෙම කර්මාන්ත ශාලාව මගින් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන අතර මාලදිවයින, මැදපෙරදිග රටවල් සහ ඉන්දියාව සිය අපනයන ඉලක්ක කර ගැනීමට සමාගම බලාපොරොත්තු වනවා.
කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ , කංචන විජේසේකර , අරුන්දික ප්‍රනාන්දු , ප්‍රසන්න රණවීර ඇතුළු රජයේ මැති ඇමතිවරු පිරිසක් එක් වුණා.
කෙසේ වෙතත් ජාත්‍යන්තර වෙළෙඳපොළ අවශ්‍යතාවයෙන් 10% ක් සපුරාලීමේ අරමුණින් මෙරට මස් සැකසුම් කර්මාන්ත ශාලාවක් විවෘත කෙරෙන්නේ හරක් මස් ආශ්‍රිත නිෂ්පාදන තහනම් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කර මාස මාස තුනක් සපිරුන දිනයේ එතුමාගේ පුත් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ සුරතින්ම වීමද විශේෂත්වයක්.
අත නොහැර කියවන තැන
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?
රේගු පරීක්ෂාවක් නොකර බහාලුම් 323ක් නිදහස් කිරීමේ සිදුවීම ජනපති අනුරට අභියෝගයක් – අමාත්‍යංශ මට්ටමින් විමර්ශනයක්