Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සේපාල් අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

ශ්‍රී දළදාව සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ සිදුකළ බවට චෝදනා එල්ලවූ සේපාල් අමරසිංහ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ අනුව, ඔහුව පෙබරවාරි 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළේය.

මෙම පැමිණිල්ල අද (31) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරු තමන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටීමට සූදානම් බව දන්වා තිබේ.

මේ පිළිබඳව තමා නීතිපතිවරයා වෙත කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවද නීතිඥවරයා දන්වා ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම සැකකරුගේ කටහඬ පිළිබඳව පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත සැකකරුව ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තිබේ.එ

ඒ අනුව, එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරු පෙබරවාරි මස දෙවැනි දා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළේය.

About The Author