මේවන විට ශීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සේනා දළඹු උවදුර පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්ෂේත්‍ර චාරිකාවක් සිදු කර තිබෙනවා.
අනුරාධපුර, ඇලෑපත්තුව, පහළගමට පසුගියදා (26) පස්වරුවේ ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සේනා දළඹුවාගෙන් බඩ ඉරිගු වගා බිම්වලට සිදුව ඇති හානිය සොයා බැලුවා.
සේනා දළඹු උවදුර නිසා බඩ ඉරිගු වගාවට හානි වීමෙන් පසුගිය දෙවසරක කාලයක සිට ගොවීහු දැඩි පීඩාවට පත්ව සිටිනවා.
මේ වසරේ ද දළඹු උවදුරින් දිස්ත්‍රික්ක රැසක වගාවන්ට හානි සිදුව ඇති අතර, අපේක්ෂිත අස්වැන්න ඉහළ ප්‍රතිශතයකින් පහත වැටී ඇති බව ගොවීහූ ජනාධිපතිතුමා සමඟ කියා සිටියා.
වගාබිම්වලට ඇති, වන අලි තර්ජනය පිළිබඳව ද ගොවීන් විසින් ජනාධිපතිතුමා දැනුවත් කිරීමට ගොවීන් කටයුතු කරනු ලැබුවා.
වගා බිම්වලට පැමිණ, තමන් මුහුණ දී ඇති දුෂ්කරතා සොයා බැලීම පිළිබඳව ඔවුන් ජනාධිපතිවරයාට තම ප්‍රසාදය පළ කළ බවද වර්තාවනවා .
ජනාධිපතිතුමන් සමඟ මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් ද වැඩම කර සිටියහ.
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක