’’සෙසු ජාතික දේශපාලකයන්යැගේ උවමනාව එපාකම් අනුව පසුගිය රාජ්‍ය සමයේ බොහෝ දෑ සිදුවූණා” හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසීය.
පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණ තොරතුරු ගැන ජනාධිපතිතුමාත් එතරම් සැළකිල්ලක් දැක්වූයේ නැති බවත්, තමන් පමණට වඩා කාර්යබහුල වූ බවත් පැවසූ හේමසිරි ප්‍රනාන්දු මහතා ආරාබි රටවලින් අරාබි පාසල් ආරම්භ කරන්න ලැබෙන මුදල් පවා කිසිම බාධාවකින් තොරව මුදාහරින්න යයි තමන්ට කියා තිබූ බවත් පැවසීය.
රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරියගේ මෙහෙයවීම යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිසමේදී පසුගිය 19 වැනිදා සාක්ෂි දුන් හේමසිරි ප්‍රනාන්දු මහතා මෙසේද පැවසීය.
” මට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගේ වගකීම වගේම අමාත්‍යංශයේ අයවැය පරිපාලන කටයුතුත් කරන්න සිදුවීම නිසා විශාල වගකීමක් පැවරුණා. මම කාර්ය බහුල වෙලයි හිටියේ.
ඒ කාලේ මුස්ලිම් ඇමතිවරුන්ගේ බලපෑම නිසා සංහිඳියාවට ප්‍රශ්නයක් වෙයි කියලා ජනාධිපතිතුමා මේ ලැබෙන තොරතුරු ගැන උනන්දු වුණේ නැහැ. ආරාබි රටවලින් අරාබිපාසල් ආරම්භ කරන්න ලැබෙන මුදල් පවා කිසිම බාධාවකින් තොරව මුදාහරින්න කියලා ජනාධිපතිතුමා කියලා තිබුණා.
මෙරට පවතින මැතිවරණ ක්‍රමය අනුව සෙසු ජාතිකයන්ට විශාල බලයක් තිබ්බා රජයට බලපෑම් කරන්න.ඒ අනුව රජය ඔවුන් සතුටු කරන්න ගොඩාක් දේවල් කළා.ඉදිරියේදී පොලිස්පතිවරයා සාක්ෂි ලබාදෙද්දි ඒ දේවල් කියයි.මේවා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අගමැතිවරයා මට්ටමින් තීරණ ගත යුතුව තිබුණා.නමුත් මුස්ලිම් දේශපලකයන්ට අනුව යහපාලන රජය සමයේ බොහෝ දේවල් සිදුවූ වුණා” යනුවෙන් පවසා තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට