බුත්තල, උනාවටුන ප්‍රදේශයේ පොළොවේ යම් දෙදරායාමක් ඊයේ (12) සිදුවූ බව ප්‍රදේශවාසීන් පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ පෙරවරු 8.53 – 8.55 ත් අතර කාලය තුළ එය සිදුවූ බවය.
“උදලු ගගා හිටියා මම. ඒ වෙලාවේ එක පාරම වැටෙන්න පොළොව නිකන් දෙදරුම් කාලා වගේ එකපාරට ඇලවුණා මම.”
“එක පාරටම ගැස්සිලා ගියා…ක්ෂණිකව ඒක නැති වුණා. එච්චරයි”
මෙම සිදුවීම වාර්තා වුණේ , බුත්තල ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට පසුගිය සිකුරාදාත් සුළු භූචලන දෙකක් වාර්තා වූ පසුබිමකය.
නමුත් ප්‍රදේශවාසීන් පවසන ආකාරයේ සුළු භූචලනයක් ඊයේ වාර්තා වී නොමැති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධානි මහාචාර්ය උදේනි බණ්ඩාර අමරසිංහ මහතා පවසන්නේ මේ පිළිබඳ අනියත බියක් ජනතාව ඇතිකරගත යුතු නොමැති බවය.


අත නොහැර කියවන තැන
වත්තක් දැකලවත් නැති මිනිස්සුන්ට බදු ගහලා රජය වතු කම්කරු පඩි ගෙවනවා – මේ මොන ආර්ථික සිද්ධාන්තයක්ද?
දඹුල්ලේ උසස් පෙළ සිසුවියගේ මරණයට හේතුව හෙළිවෙයි
අදත් හවසට මහ වැසි