Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සූ කී අත්අඩංගුවේ.

2020 වසරේ නොවැම්බරයේ දී මියන්මාරයේ පැවැත්වුණු මැතිවරණයෙන් විශිෂ්ට ජයක් අත්පත් කර ගත් අවුන් සාන් සූ කී ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (එන්. එල්. ඩී.) පක්ෂයේ ප්‍රධාන සාමාජිකයින් එරට හමුදාවේ අත්අඩංගුවට පත් වී තිබේ.

පසුගිය සෙනසුරාදා සිට ඊයේ දින දක්වා සිදු වූ අප්‍රසන්න සිදුවීම් මාලාවකට පසු මෙම තත්ත්වය ඇති ව තිබෙන බව පෙනේ.

මෙතැන් පටන් වසරක කාලයක් දක්වා බල පැවැත්වෙන පරිදි රට තුළ හදිසි නීතියක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර, මේ වන විට හමුදා භටයින් අගනගරය හා සෙසු වීදි අතර රැඳී සිටිති.

මෙතැන් පටන් මියන්මාරය තුළ රාත්‍රී කාලයන්හි දී ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව ප්‍රධාන හමුදා හමුදා නිළධාරී මින් අවුන්ග් හේළින්ග් දන්වා සිටියි.

කෙසේ වෙතත් මියන්මාර හමුදාවේ අත්තනෝමතික තීරණය පිළිබඳ ලොව පුරා බොහෝ රටවල් සිය අප්‍රසාදය පළ කර සිටියි.