1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ නිරත වන නිලධාරීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතු වී ඇති බව වෘත්තිය සමිති නායකයින් පෙන්වා දෙනවා.
ඊට ආසන්නතම සිදුවීම වී තිබෙන්නේ තම වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කටයුතු කළ සේවකයන් තිදෙනකු උන්ගේ රැකියාවලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය යි.
ඔවුන් පවසන ආකාරයට මේ වන විට චෝදනා කිහිපයක් යටතේ කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශය විසින් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමක් ද ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අදාළ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූ සේවකයින් තිදෙනා කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශයේ නියෝගය මත අද කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානය වෙත කැඳවා තිබුණා.
එමෙන් සුවසැරිය සේවකයන්ගේ ගැටළු සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් අත්තනෝමතික ලෙස බලපෑම එල්ල කරන බවට ද චෝදනාවක් මෙහිදී එල්ල වුණා.
අදාළ වීඩියෝ පහළින්..
අත නොහැර කියවන තැන
ණය ගැනීම ලැජ්ජාවක්
ලංකාවේ බංකොළොත් ලේබලය ඉවත් වෙයි.
IMF ණය සහනයේ පළමු වාරිකය දින දෙක තුනක් ඇතුළත