සුවසැරිය ගිලන්රථ වල ඇති ස්වසන උපකරණ (ventilator) ගලවා රෝහල්වලට ගෙනයාමේ සුදානමක් පිළිබද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා විසින් අද මාධ්‍යට කරුණු හෙළිකළා.
ඒ zoom තාක්ෂණය ඔස්සේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
කොරෝනා මර්ධනය සදහා ලැබුණු ආධාර වලින් රජය සිදු කළේ කුමක්දැයි වහා ජනතාවට හෙළි කිරීමට රජය පියවර ගත යුතු බවද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකවරයා සදහන් කළා.
ආධාර දුන්නේ කළගෙඩි විසි කරන්න නෙමෙයි.
මේ වන විට සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු විසින් ගංගා වලට කල ගෙඩි විසි කිරීමේ සිදුවීම පිළිබදවද අදහස් පළ කළ විජයවර්ධන මහතා රජයට ආධාර හිමි වුයේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සදහා වෛද්‍ය උපකරණ මිල දී ගැනීමට මිස ගංගා වලට කළගෙඩි විසි කිරීමට නොවන බවයි.
අදාළ වීඩියෝව පහළින්.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි