Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සිසුන්ට වස දුන් ගුරුවරියට මරණ දඬුවම.

සිය පාසල් කාර්යය මණ්ඩල සාමාජිකයෙකු සමඟ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ළමුන් 25 දෙනෙකුට වස දී ඔවුන්ගෙන් එක් අයෙකු ඝාතණය කළ බාලාංශ ගුරුවරියකට මධ්‍යම චීන අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ. අදාළ සිදුවීම පසුගිය වසරේ දී සිදු වූ අතර එහි තීන්දුව ලබා දෙන ලද්දේ අද දිනයේ දී ය.

වැන්ග් යුං නම් වන මැය දින කිහිපයකට පෙරාතු ව, ජියාඕසුඕ ප්‍රාථමික විද්‍යාලයේ තවත් ගුරුවරයෙකු සමඟ සිසු දරු දැරියන් හැසිරවිය හැකි ආකාරය පිළිබඳව ගැටුමක් ඇති කර ගෙන තිබේ.

ඉන්පසු, 2019 මාර්තු 27 වන දින උදේ, පාසල විසින් සපයන ලද කැඳ භාජනයට ඇය විසින් නයිට්‍රයිට් එකතු කර තිබෙන අතර එම විෂ සහිත කැඳ අනෙක් ගුරුවරයාගේ සිසුන් අතර පමණක් බෙදා දී තිබේ. වැන්ග් විසින් එම නයිට්‍රයිට් මිළට ගෙන තිබෙන්නේ අන්තර්ජාලය හරහා ය.

එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානවලට අනුව, නයිට්‍රයිට් යනු විෂ සහිත ද්‍රව්‍යයක් වන අතර පොහොර, ආහාර සංරක්ෂණය, ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සඳහා ද පිළිකා කාරකයක් ලෙස භාවිත කරයි. මෙමඟින් මිනිස් සිරුර නිසි ලෙස ඔක්සිජන් අවශෝෂණය කර ගැනීම වැළකේ.

වැන්ග් මීට පෙර 2017 පෙබරවාරි මාසයේ දී ද තම ස්වාමිපුරුෂයා වූ ෆෙන්ග් නමැත්තා වස දී මරා දැමීමට තැත් කර තිබේ. එම අවස්ථාවේ දී වැන්ග් විසින් ෆෙන්ග් භාවිතා කළ වීදුරුවකට නයිට්‍රයිට් වත් කර තිබුණ ද, එයින් ඔහුට දැඩි අනතුරක් සිදු වූයේ නැත.

2019 වසරේ මෙම විෂ වීම සිදුවන අවස්ථාවේ එක් පියෙකු විසින් චීන රජයට අයත් “ග්ලෝබල් ටයිම්ස්” නම් ටැබ්ලොයිඩ් පුවත්පතට පවසා තිබුණේ තම දරුවා වමනය දමමින් ක්ලාන්ත වී ඇති බව පවසමින් බාලාංශයෙන් තමාට ඇමතුමක් ලැබුණු බවයි. ඔහු පැමිණෙන විට ඔහුගේ දරුවා සිහිසුන්ව සිට තිබේ.

 “වමනය ඔහුගේ කලිසම පුරා ම තිබුණා.. තවත් ළමයින් ද වමනය දමමින් සිටියා. ඔවුන් සියලුදෙනා ම සුදුමැලි වෙලා තිබුණා.” යැයි එම පියා පැවසුවේ ය.