පසුගිය රජය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකළ සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු බවට පත්ව , පසුව වත්මන් රජයේ පාලන සාමය තුළ නිදොස් කොට නිදහස් කරන ලද අනුෂ පැල්පිට මහතා, කර්මාන්ත අමාත්‍යංශ ලේකම් වරයා ලෙස පත් කර තිබෙනවා.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතල මතයි.
පැල්පිට මහතා රාජ්‍ය ආයතන කිහිපයකම ඉහල නිල තල රැසක් දරා ඇති අතර දක්ෂ පරිපාලන නිලධාරියෙකු ලෙසද සැලකෙනවා.
ඒ අනුව නව වසරේ ජනවාරි 01 දා සිට අනුෂ පැල්පිට මහතා කර්මාන්ත අමත්‍ය විමල් වීරවංශ මහතාගේ අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි