Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සිගරට් ගනුදෙනුවකින් කෝටි 600 ක අල්ලසක් ගත් රාජපක්ෂ පවුලේ පුත්‍රයෙකු ගැන රාජිත හෙළි කරයි

පසුගිය දිනවල මහත් ආන්දෝලනයට ලක් වූ දුම්වැටි තොගයක් මිලදී ගැනීමට ලංකා බැංකුව හරහා රුපියල් ලක්ෂ 31500 මුදලක් නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා විශේෂ හෙළිදරව්වක් සිදු කර තිබෙනවා.

ඔහු පවසන්නේ අදාළ ගනු දෙනුවට විරුද්ධ වූ ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයක් දෙදෙනෙකුටද අයුතු බලපෑම් සිදු කර ඉල්ලා අස්වීමට කටයුතු කරන ලෙස දන්වා වෙනත් පුද්ගලයින් දෙදෙනෙකුද එම තනතුරු සඳහා පත් කිරීමට කටයුතු කර තිබු බවයි.

අනුරාධපුර සහ කොළඹ තම ව්‍යාපාර කයුතු සිදුකරන ඩී.එස් ගුණසේකර සමාගමට අදාළ ණය මුදල නිකුත් කර ඇත්තේ කටුවන, වීරකැටිය සහ බෙලිඅත්ත ලංකා බැංකු ශාක වලින් වීමද විශේෂත්වයක් බව ද සේනාරත්න මහතා පෙන්වා දෙනවා.

අයවැයෙන් දුම්වැටි මිල ඉහළ යාවි යැයි අනුමාන කර ලංකා බැංකුවෙන් ණයක් ගෙන දුම්වැටි ගබඩා කරගත් නමුත් ඉහල මට්ටමේ පවතින බල අරගලයක් හේතුවෙන් දුම්වැටි මිල ඉහළ නොගිය බව ද සේනාරත්න මන්ත්‍රීවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම ගනුදෙනුවේදී ලංකා බැංකුවෙන් ණය මුදලක් ලබා ගත් ව්‍යාපාරිකයාගෙන් රාජපක්ෂ පවුලට සම්බන්ධ පුත්‍රයෙකු විසින් රුපියල් මිලියන 600ක් අල්ලසක් ලබා ගෙන ඇති බවද සේනාරත්න මහතා හෙළි කරනවා.

නමුත් එම රාජපක්ෂ පුත්‍රයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු නොවන බවද සේනාරත්න මහතා සඳහන් කළා.

ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

About The Author