සැබෑ සිංහල බෞද්ධ බලය ඇත්තේ සමගි ජන බලවේගය කණ්ඩායමත් සමඟ බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජනහමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
69 ලක්ෂයක් ජනතාව බොරු කියා රැවටූ බවත්, සති දෙකකට පමණක් සැමන් සහ පරිප්පු මිල සහනයක් ලබා දුන් බවත් ඒ මහතා මෙහිදී මතක් කර සිටියේය.
සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වූ තවත් ජනහමුවක් ඊයේ (26) කැස්බෑව ප්‍රදේශයේදී පැවැත්විය.
එහිදි ඔහු පැවසුවේ ආයෝජනය, පරිභෝජනය සහ ඉතිරි කිරීම තුලින් රටේ ආර්ථිකය වර්ධනය වන බවය.
ලෝකයේ අනෙක් රටවල් එම ක්‍රමය අනුගමනය කරන බවත් එම ක්‍රමය අනුගමනය නොකරන එකම රට ලංකාව බවත් ආණ්ඩුව මෙම ආණ්ඩුව බවත් ඔහු පැවසීය.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි