Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සාලුට කසාදයක්

දරුවෙක් උස් මහත් වුනාට පස්සේ දෙමාපියන්ට තියෙන ලොකු ම හීනය තමයි ඒ දරුවා කසාද බන්දලා දෙන එක. එහෙම ගිහින් තමන්ට හුරතල් කරන්න මුණුපුරෙකුත් එක්කන් එනකල් ඒ අය ඉන්නේ නොඉවසිල්ලෙන්. ඉන්දියාව, ලංකාව කියලා ඒ ධර්මතාවය වෙනස් වෙන්නේ නැහැ.


බොලිවුඞ් පුරවරයේ ඉන්න ඒ වගේ නොඉවසිලිවන්ත තාත්තා කෙනෙක් පසුගිය දවසක මාධ්‍යය ඉස්සරහත් තමන්ගේ බරපතල ප‍්‍රශ්නය ගැන කතා කළා. ඒ තමයි සුප‍්‍රසිද්ධ අවිවාහක නළු සල්මාන් ඛාන්ගේ පියා වන සලීම් ඛාන්. ඇත්ත නේන්නම්. මේ වෙනකොටත් තරුණ බවේ කිසිම වෙනසක් නැති වුණාට, සාලූට දැන් වයස 54ක්. ඉතින් තාත්තා මේ ගැන දිවා රෑ නොනිදා කල්පනා කරන එක අහන්නත් දෙයක් ද. තාත්තා කොයි තරම් ආයාචනා කලත් සාලූ එයා හොයලා දෙන කිසිම කෙල්ලෙකුට කැමති වෙන්නේ නැහැ ලූ. තමන් කෙනෙක් හොයා ගන්නෙත් නැහැ ලූ. ඒ තාත්තටත් කෙල්ලෝ හොයලා හොයලා එපා වෙලා ලූ.


ඉන්දියාවේ ප‍්‍රසිද්ධ නාලිකාවක සාකච්ඡාවකට ආව වෙලාවේ සලීම් මහත්තයා කියනවා දෙන්නෙක් එකට එකතු කරන්නේ දෙවියන් විසින් ලූ. ඒ කිව්වේ බඹා කෙටූ එක්කෙනා හම්බ වෙනකල් සාලූට වෙන මොන ජාතියේ කෙල්ලක් ගෙනාවත් හරි යන්නේ නැහැ කියන එක. ඔන්න එහෙනම්, සාලූට බඹා කෙටූ එක්කෙනා හොයලා දෙන්න ඔයාලත් කැමති නම්, යවන්න හිටු කියලා එස්.එම්.එස්.