Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සායිෆ්ට ලෙඩක්


දැනට අවුරුදු කිහිපයකට කලින් සුපිරි නළු සායිෆ් අලි ඛාන්ට පොඩි ප‍්‍රශ්නයක් වුණා. ඇත්තම කියනවා නම් එයාට නඩුවක් වැටෙන්නයි ගියේ. ඉක්බාල් ශර්මා කියලා කෙනෙක් පොලිසියේ පැමිණිල්ලක් දාලා තිබුණා සායිෆ් තමන්ට පහර දුන්නා කියලා. සිද්ධිය වෙලා තිබුණේ දකුණු බොම්බාය නගරයේ පිහිටලා තියෙන ආපන ශාලාවක දී. හරියට ම කිව්වොත් කොලබා නගරයේ වසභි කියන ආපන ශාලාවේ දී.


ඉක්බාල් සහ එතන හිටිය සමහර දෙනෙක් කියපු විදිහට කතාව මෙහෙමයි. සායිෆ් එදා තමන්ගේ යහළුවන් කිහිප දෙනෙකුත් එක්ක ආපන ශාලාවට ආවා. එතන ඔහුගේ පෙම්වතිය කරීනා, අම්රිතා අරෝරා ඇතුළු දහ දෙනෙක් විතර හිටියා ලූ. දැන් නම් ඔය කියන පෙම්වතිය බිරිඳ වෙලා, ළමයෙකුත් ඉන්නවා. ඉක්බාල් හිටියේ සායිෆ්ලා වාඩි වුණු මේසෙ ළඟ ම, තමන්ගේ පවුලේ අයත් එක්ක. ටික වෙලාවකින් සායිෆ් ඇතුළු පිරිස තම තමන්ගේ බල පුළුවන්කාරකම් ටිකක් ප‍්‍රදරශනය කරන්නත් එක්ක, හයියෙන් කෑ ගහන ගමන් එතන පොඩි කලබලයක් කෙරුවා. ඉක්බාල් මේකට කැමති වුණේ නැහැ. ඇත්තනේ… ආවා නම් ආව විදිහට කාලා බීලා, පාඩුවේ යන එකනේ කරන්න ඕනෙ. ආපන ශාලාවක් කියන්නේ පොදු තැනක්. එතන එයාලගේ ගෙදර වගේ හැසිරෙන්න ගත්තම අනිත් මිනිස්සුන්ට කරදරයි නේ.
ඉක්බාල් මේ වැඩේ දැකලා කට වහගෙන හිටියේ නැහැ. සායිෆ් ලඟට ගිහින් කිව්වා සද්දේ අඩු කර ගන්න කියලා. සායිෆ්ලා ඒක අහගෙන නිකං ඉන්න කැමති වුණෙත් නැහැ. ඒ නිසා දෙන්නා අතරේ පොඩි උණුසුම් කතාබහක් ඇති වුණා. කතාව දුර දිග ගිහින් සායිෆ් ඉක්බාල්ට ගැහුවා ලූ.


සායිෆ් අත්අඩංගුවට ගන්න වරෙන්තු පවා නිකුත් කරලා තිබුණු බවයි ආරංචිය. ඒත් සායිෆ් නම් කිව්වේ ඉක්බාල් තමයි තමන්ට ඉස්සෙල්ලම පහර දුන්නේ කියලා. සායිෆ් එක්ක හිටිය අයවත් ඉක්බාල් එක්ක හිටිය අයවත් ඇත්ත කියන්න සූදානම් නැති බව යි පෙනුණේ. ඒ නිසා මේ ප‍්‍රශ්නේ විසදන්න වුණේ පොලිසියට ම තමයි. ඒත් පැමිණිල්ල භාර ගත්ත කොළබා නගරයේ පොලිස් ස්ථානාධිපතිවරයා නම් කිව්වේ එයාලා සායිෆ්ගෙන් ප‍්‍රශ්න කරන්න උත්සහ කළා කියලා විතරයි. ඉක්බාල් උඩ පැන්නට, පොලිසිය නම් සායිෆ් අත්අඩංගුවට ගන්න හිතලා වත් තිබුණෙ නැහැ ලු. අන්තිමට කොහොම හරි අපේ නළුවා හිරේ නොගිහින් බේරුණා.