මෘදු ප්‍රතිපත්ති බෑ – දැඩි පියවර අවශ්‍යයි, නැතුව රට හදන්න බෑ
වෘත්තීය සමිති නායකයෙකු වූ ජෝසප් ස්ටාලින් මහතා ඉස්සුවෙ තමන් බව මහජන ආරක්ෂාව භාර අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ විරෝධතාකරුවන් රට කඩාකප්පල් කරමින් සිටින බවයි.
වසංගතයක් පවතින මොහොතක ගුරුවරුන් පවා නොමඟ යවමින් මෙම විරෝධතා කරුවන් කටයුතු කරන බව ද පැවසූ අමාත්‍යවරයා ජෝසප් ස්ටාලින් මහතාව උස්සාගෙන යාමට කටයුතු කලේ තමන් බවත් ඒ වනතෙක් පොලිසියට එවැනි නියෝගයක් කිසිවකු හෝ ලබා දී නොතිබුණු බවත් සඳහන් කළා.
ඒ පසුගියදා පැවති “ඇමති තුමාගෙන් අහන්න” වැඩසටහනට එක්වෙමින්.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයේදී පවා මෘදු ප්‍රතිපත්තියක් අනුගමනය නොකර දැඩි පියවර ගැනීමට අවශ්‍ය බව තමන් සැමවිටම අවධාරණය කරන බව ද සරත් වීරසේකර මහතා මෙහිදී සඳහන් කළා.
අත නොහැර කියවන තැන
බස් ගාස්තු වැඩිකරන්නේ නෑ – ගැමුණු
විදුලි බිල නැවත වරක් ඉහළට?
අදත් තද වැසි