2022 නොවැම්බර් 27

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ස්කයිප් ඔස්සේ නඩු අහයි – සහරාන්ගේ බිරිඳ ඇතුළු 12ක් යළි රිමාන්ඩ්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රදවා සිටින සහරාන් හශීම්ගේ බිරිද සහ ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ලබන 27 වැනිදා දක්වා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාර ගත කල පිරිස අතර කොළඹ කිංග්ස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් මුබාරක් නම් ත්‍රස්තවාදියාගේ බිරිද ද සිටිනවා.

විශේෂත්වය වන්නේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ස්කයිප් තාක්ෂණය හරහා මෙම නඩුව විභාග කිරීමයි.