රජය ප‍්‍රකාශයට පත් කළ මිළ ගණන් යටතේ වෙළඳපොලට සහල් සැපයීමට නොහැකි බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසනවා.
පවත්නා තත්ත්වය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට සහල් නිෂ්පාදනයෙන් ඉවත් වීමට සිදු වන බවයි ඔවුන් පවසන්නේ.
කෙසේවෙතත් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ ප‍්‍රකාශ කළේ වැඩි මිලට සහල් අළෙවි කරන වෙළඳුන් සොයා ලබන සදුදා සිට වැටලීම් ආරම්භ කරන බවයි.
ඉකුත්දා නිකුත් කෙරුණු ගැසට් නිවේදනයේ දැක්වුණේ කැකුළු සහල් කිලෝ ග‍්‍රෑම් 01 ක උපරිම විකුණුම් මිල රුපියල් 89 ක් ලෙසයි.
නාඩු සහල් කිලෝ ග‍්‍රෑම් එකක් සඳහා රුපියල් 92 ක උපරිම විකුණුම් මිලක් නියම කර තිබෙනවා.
එම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව සම්බා සහල් කිලෝ ග‍්‍රෑම් 01 ක උපරිම විකුණුම් මිල වන්නේ රුපියල් 94 ක් වනවා.
© නෙත් News
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක