සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව අද (13) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දෙන ලදි.
ඉන් අනතුරුව මාධ්‍යය ඇමතූ එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන ලද්දේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජන බලවේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07 සඳහා එහි හවුල්කාර පක්ෂ 04න්ම ඉල්ලීම් ලද බවයි.
සියළු කරුණු සලකා බැලීමෙන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප්‍රනාන්දු ඉමිතියාස් බාකිර් මාකර්, තිස්ස අත්තනායක, එරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන අය නම් කළ බව ඒ මහතා පවසනවා.


අත නොහැර කියවන තැන
සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු ධවල මන්දිරයේ සංචාරයක
දේවාලයක අමුතු කෙලියක්
උඩරට දුම්රිය පීලිපැනීමට ලක්වූ ස්ථානය අවදානම් ස්ථානයක් බව අප දැනගෙන සිටියා – ඇමති බිමල්