සමගි ජන බලවේග පක්ෂයේ නව සභාපතිවරයා ලෙස එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බකීර් මාකිර් මහතා පත් කිරීමට නියමිතව ඇති බව වර්තාවනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සභාපති ධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව මෙම පත්කිරීම සිදුකිරීමට තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.
මේ සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලබා ගැනීමටද නියමිතව ඇති අතර බකීර් මාකර් මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වන බැවින් ඔහුගේ සභාපතිත්වය පූර්ණකාලීනව පක්ෂයේ ප්රගමනය සඳහා යොදාගත හැකිවනු ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු අප සමග සඳහන් කළා.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී සිසුවෙකුවන බකීර් මාකර් මහතා 1988 වසරේදී බේරුවල ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.


අත නොහැර කියවන තැන
ඉහළ කොත්මලේ එක් වාන් දොරටුවක් විවෘත කරයි
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
දෙහිවල සිටි ඇනකොණ්ඩා පැටවා අතුරුදන්