සමගි ජන බලවේග පක්ෂයේ නව සභාපතිවරයා ලෙස එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බකීර් මාකිර් මහතා පත් කිරීමට නියමිතව ඇති බව වර්තාවනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සභාපති ධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව මෙම පත්කිරීම සිදුකිරීමට තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.
මේ සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලබා ගැනීමටද නියමිතව ඇති අතර බකීර් මාකර් මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වන බැවින් ඔහුගේ සභාපතිත්වය පූර්ණකාලීනව පක්ෂයේ ප්රගමනය සඳහා යොදාගත හැකිවනු ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු අප සමග සඳහන් කළා.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී සිසුවෙකුවන බකීර් මාකර් මහතා 1988 වසරේදී බේරුවල ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට