මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ ආක්‍රමිකතා සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (6) පස්වරුවේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
මේ උණුසුම් තත්ත්වය ඇතිවූයේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය අසුන්වලින් නැගිට එකිනෙකාට චෝදනා කරමින් කෑ කෝ ගසන්නට වීම නිසාය.
මේ හේතුවෙන් සභාව පාලනය කර ගැනීම සඳහා මුලසුනේ සිටි වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
බුද්ධ ශාසන සහ සංස්කෘතික අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා ගණනාවක් පිළිබඳව තොරතුරු හෙළි කරමින් ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දිගින් දිගටම චෝදනා කළේය.
සිරිකොත හැදීමටත් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මුදල් වෙන් කර ඇතැයි අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.


අත නොහැර කියවන තැන
ඉහළ කොත්මලේ එක් වාන් දොරටුවක් විවෘත කරයි
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
දෙහිවල සිටි ඇනකොණ්ඩා පැටවා අතුරුදන්