රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස පාර්ශව දෙක එක් කිරීම සඳහා ප්‍රබල රාජ්‍යයක් රාජතාන්ත්‍රික මට්ටමේ සැලසුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.
Mee Massoo TV සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම කරුණු හෙළිකර තිබෙනවා.
මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කොට ඔහු යටතේ සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරයට පත් කිරීමට සැලසුම් කර තිබුණද මේ වන විට එම සැලසුම වෙනස් කොට සජිත් ප්‍රේමදාස මහතා ජනපති කොට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීම දක්වා එම සැලසුම සංශෝධනය වී ඇති බවද සඳහන් කර තිබෙනවා.
එමෙන්ම ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පිටුපස සිටින්නේ ලොව බලවත්වම බටහිර රාජ්‍යයක් බවද ඔහු මෙම සාකච්ඡාවේදී සඳහන් කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?
රේගු පරීක්ෂාවක් නොකර බහාලුම් 323ක් නිදහස් කිරීමේ සිදුවීම ජනපති අනුරට අභියෝගයක් – අමාත්‍යංශ මට්ටමින් විමර්ශනයක්