Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සජිත්ගේ තැන රුවන්ට

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධුරය රුවන් විජයවර්ධන මහතාට පිරිනැමීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ තීරණය කර තිබෙනවා. එම තනතුර සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය හැරයාමෙන් පසු මෙතෙක් කලක් පුරප්පාඩුව පැවතුණා.

ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලේ සාමාජිකයන් අතර පැවති රහස් ඡන්ද විමසීමකින් අනතුරුවයි.කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ මේ වන විට සාමාජිකයන් 40 දෙනෙකු සිටින අතර මෙම ඡන්ද විමසීමට විජයකලා මහේෂ්වරන් මහත්මිය සහභාගී වී නැහැ.එමෙන්ම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද අදාල රහස් ඡන්දයේදී ඡන්දය භාවිත කිරීමෙන් වැළකී තිබෙනවා.

ඒ අනුව සාමාජිකයන් 38 දෙනෙකු ඡන්දය භාවිත කල අතර ඉන් ඡන්ද 28 ක් ම හිමිව ඇත්තේ රුවන් විජයවර්ධන මහතාටයි.ඔහු හා තරග කළ එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතාට හිමිව ඇත්තේ ඡන්ද 10 ක් පමණයි.

ඡන්ද විමසීමකින් තොරව නියෝජ්‍ය නායකයෙකු පත් කර ගැනීම සදහා නායක රනිල් වික්‍රමසිංහ මහතා උත්සහ දැරුවද අවසානයේ ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුව තිබීමද විශේෂත්වයක්.

ජයග්‍රණයෙන් අනතුරුව රුවන් විජයවර්ධන මහතා සිරිකොත ඉදිරිපස ගේට්ටුව අසලට පැමිණ තම ආධාරකරුවන්ගේ සුබපැතුම් පිළිගනිමින් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කර ඇති අතර රවී කරුනායක මහතා මාධ්‍ය සහ ආධාරකරුවන් මග හැර සිරිකොත පසුපස ගේට්ටුවෙන් පිටව ගොස් තිබෙනවා.