Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සජබ නායකයා තෝරාගැනීම විධායක සභාවේ එකඟතාවයෙන් – නව ව්‍යවස්ථාව සම්මතයි

බණ්ඩාරවෙලදී රැස්වූ පක්‍ෂයේ විධායක කමිටුව විසින් සමගි ජන බලවේගයේ නව ව්‍යවස්ථාව අනුමත කරගත් බව විපක්තෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

ඔහු මේ අදහස් පල කළේ අද බදුල්ල හාලි ඇළ ප්‍රදේශයේදී පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අමතමින්.

එහිදී අදහස් දැක්වූ කිරිඇල්ල මහතා,

අද සමගි ජන බලවේගය පක්‍ෂයට ෙඓතිහාසික දවසක්. මොකද ඊයේ (19) දින පක්‍ෂයෙ විධායක කමිටුව බණ්ඩාරවෙලදී රැුස්වෙලා සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව අනුමත කරගත්තා.ඊයේ අනුමත කරගත් ව්‍යවස්ථාවේ වැදගත්ම කාරණය නම් ඉදිරියේදී පක්‍ෂයේ නායකයා තේරීමේදී පක්‍ෂයේ විධායක සභාව රැස්වෙලා තමයි පක්‍ෂයට නායකයකු තෝරා පත්කර ගන්නේ. එය පක්‍ෂය විසින් ගනු ලැබූ හොද තීරණයක්.

මිත‍්‍රවරුනි, පසුගිය කාලයේ එක්සත් ජාතික පක්‍ෂයේ සම්මේලනය පැවැත්වූවා ඔබ අපට මතකයි.

නමුත් එහිදී මොකද වුනේ ? සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා දෙන අතරතුර පක්‍ෂ නායකත්වය ඉදිරි වසර පහකට බලහත්කාරයෙන් ලියා ගත්තා.

එම අවස්ථාවේදී අපි එම තීරණයට විරුද්ධ නොවුනේ සජිත් පේ‍්‍රමදාස මැතිතුමා ජනාධිපති අපේක්‍ෂකයා කල යුතු නිසයි. නමුත් සමගි ජන බලවේගය ව්‍යවස්ථාව තුල එවැනි කටයුතුවලට ඉඩ ලැබෙන්නේ නෑ.

පක්‍ෂයේ තනතුරු විධායක සභාව රැස්වීමෙන් තෝරා පත්කර ගන්නවා. එය හොද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්‍ෂණයක්.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා සදහන් කර සිටියේ, අද රටේ පවතින සියළු ප‍්‍රශ්ණ හමුවේ ආණ්ඩුව ෆේල්. ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දු ගගට ඉනි කැපුවා වගෙයි.

රජය හැමදාම කිව්වේ මිළ පාලනය තුලින් ජනතාවට අවශ්‍ය සහන ලබාදෙනවා කියලා. නමුත් අද භාණ්ඩවල මිළ පාලනයක් නෑ. රජයේ මිළ පාලනය රජයෙන් ගිලිහිලා ගිහිල්ලා.

වත්මන් ආණ්ඩුවට අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිළ පාලනයවත් හරියට කරගන්න බෑ.

මම මතක් කරන්න කැමතියි අපේ ආණ්ඩුව කාලේ ජීවන වියදම කමිටුව රැස්වෙලා මිළ සමාලෝචනය කරමින් ජනතාවගේ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිළ පාලනය කරගත්තා.

හාල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළ පාලනයක් යටතේ පවත්වාගෙන ගියා. ජනතාවට එමගින් විශාල සහන රාශියක් ලබා දුන්නා” යනුවෙන් ද පැවසීය.

About The Author