සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට තරග කළ සහ එම පක්ෂයේ සාමාජිකත්වය ගන්නා ලද එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයන්ට සහ ක්‍රියාකාරීන්ට එරෙහි විනය පරීක්ෂණ යළි ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
පක්ෂයේ නීති අංශය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ඉදිරිපත් කළ කරුණු දැක්වීමකින් පසු මෙම තීරණය ගෙන තිබේ. කොවිඩ් – 19 වයිරසය ව්‍යාප්තිය උග්‍රවීම හේතුවෙන් විනය පරීක්ෂණ කටයුතු නතර කළ අතර, කඩිනමින් එම පරීක්ෂණ යළි ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් නීතිඥ නිශ්ශංක නානායක්කාර පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා සමග සමගි ජන බලවේගයට එක්ව සිටින එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයේද සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිවද විනය පරීක්ෂණ ක්‍රියාත්මකය.
© උදයජීව ඒකනායක – අරුණ
අත නොහැර කියවන තැන
ජනාධිපති රනිල් රහසේම කොග්ගලට එයි
රත්තරං ආපහු ගණන් උස්සයි
ඉන්ධන බෙදා හැරීම යථා තත්ත්වයට