පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි ගබඩාවක සඟවා තිබී සිනි කිලෝග්‍රෑම් 270,000 ක තොගයක් සොයාගත් බවත් එම තොගය විමර්ශන කටයුතු අවසන් වන තෙක් ගබඩාව තුළ මුද්‍රා තැබූ බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය.
පෑලියගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ආනයනකාරුවන්ගේ සහ තොග බෙදාහරින තොග ගබඩා විශේෂ පරික්ෂාවකට ලක් කල අතර එහිදී සීනි ආනයන කරන ප්‍රධාන ආනයනකරුවෙකුගේ තොග ගබඩාවක් පරික්ෂා කිරිමට යෑමේදී මෙම සීනී තොගය හමු වී ඇත.
ඒම ගබඩාව පරීක්ෂා කිරීමට යාමේදි තොග සන්තකයේ නැතැයි කියා සිටින බවත් එහිදි විමර්ශන නිලධාරීන් වැඩිදුර පරික්ෂා කිරිමේදී ගබඩාව තුල තිබී සිනි මෙට්‍රික්ටොන් 270ක ප්‍රමාණයක් සොයා ගැනීමෙන් පසුව එම අවස්ථාවේදී එම තොග පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන තෙක එම ගබඩාව මුද්‍රා තැබූ බවත් එම අධිකාරිය සඳහන් කළේය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට