Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ශෝක වන ස්පාඤ්ඤ රජයට විරෝධය.

කොවිඩ් වසංගතයෙන් මිය ගිය 27100කට අධික සිය ආදරණීය රටවැසියන් සිහි කිරීම පිණිස දින දහයක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ස්පාඤ්ඤ රජය තීරණය කර තිබේ. පසුගිය අඟහරුවාදා එරට ප්‍රධානියා වන 6 වන පිලිප් රජතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම ක්‍රියාවලිය එළඹෙන ජුනි මස 05 වනදා දක්වා පැවැත්වෙනු ඇත.

 රජයේ මාධ්‍ය ප්‍රකාශක “මාරියා ජීසස් මොන්ටෙරෝ” මහත්මිය පවසන අන්දමට ඔවුන්ගේ රෝගීන් අතුරෙන් දහයෙන් අටක් ම වයස 70 වැඩි අය යි. එනම්, රට අද පවත්නා තත්ත්වයට ගෙන ඒම වෙනුවෙන් දිවා රෑ නොබලා කැප වූ පිරිස ය. ඇතැම් රටවලට නම් මෙවැනි අහිමි වීම් සතුට ගෙන දුන්න ද, කළගුණ දන්නා වැසියන් වශයෙන් ස්පාඤ්ඤයට නම් එය අධික හිත් වේදනාවට හේතුවක් වී ඇති බව ඇය පවසන්නීය.

රජය මෙසේ ශෝක වද්දී අගමැති පෙද්රෝ සන්චේස් හා ඔහුගේ අනුගාමිකයින්ට විරුද්ධ ව ජනතාව රට පුරා විරෝධතා ව්‍යාපාර දියත් කරමින් සිටිති. ඒ, දිනෙන් දින ඉහළ යන ආසාදිතයින් පාලනය කිරීම වෙනුවෙන් ඔවුන් කිසිවක් නොකරන බව පවසමිනි. ස්පාඤ්ඤය නිදහස් කොට ආණ්ඩුවට ගෙදර යන ලෙසත්, රට පාලනය කිරීමට රජතුමා පමණක් ප්‍රමාණවත් බවත් කියමින් සැලමැන්කා දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ මෙම උද්ඝෝෂණ රැල්ල,මේ වන විට ප්‍රධාන නගර රැසක ව්‍යාප්ත ව තිබේ.

About The Author