Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ශ්‍රීලනිපය යහ පාලනයෙදී ගැසූ ගේමම අපිට ගහන්න හදනවා – ෂෙහාන් සේමසිංහ හෙළිකරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව තුළ සිටම ආණ්ඩුව විරුද්ධව කුමන්ත්‍රණයක් කරන ආකාරයක් හැඟී යන බව රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ 2015 වසරේදී සිදු කළාක් මෙන් ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණයක් සිදුවන බවට සැක මතු වී ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් මෑතකදී සිදුකරන ප්‍රකාශයද එවන්න සේ සැලකිය හැකි බවද ඔහු කියා සිටියේය.

දැනට ආණ්ඩුව තුල සිටිමින් තීරණාත්මක මොහොතක සිය කුමන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කිරීමට මෙම පිරිස් බලා සිටිනවා විය හැකි බවද සේමසිංහ මහතා පෙන්වාදෙනු ලැබීය.

කෙසේ නමුත් එවන් කුමන්ත්‍රණකරුවන්ට මෙම ආණ්ඩුව බිඳ දැමීමට ඉඩ නොදෙන බව ද ඇමතිවරයා අවධාරණය කළේ පසුගියදා අනුරාධපුරයේදී පැවති උත්සවයක් අමතමිනි.

About The Author