Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරදකරුවෙකු වූ පුද්ගලයාට පොලිසිය භාරදීමට වැරදියි ! නඩුව විභාගයට දින දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැරදිකරුවෙකු කර සිටින ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පති ධුරයට පත් කිරීමට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

මෙම මස 31 වෙනි දින සිට ත්‍රිපුද්ගල විසිනුරු මඩුල්ලක් ඉදිරියේ අදාළ පෙත්සම් විභාගයට ලක් කිරීමට නියම කර ඇත. ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ එම පෙත්සම් විභාගයට ලක් කෙරේ.

කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන් සහ තවත් පාර්ශව දෙකක් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙකු කර සිටින පුද්ගලයෙකු වැඩ බලන පොලිස්පති ලෙස පත් කිරීමෙන් තම මූලික අයිතිවාසම් උල්ලංඝණය වී ඇති බව පෙත්සම්කරුන් පෙන්වා දී තිබේ.

About The Author