Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයට

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඊයේ (14) සමත් වූහ.

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ අවසාන මහා තරගයට සුදුසුකම් ලැබු 11 වැනි අවස්ථාව මෙය වේ.

‘සුපිරි හතර’ වටයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිල කඩුලු 2 කින් (ඩක්වට් සහ ලුවිස් න්‍යායට) පාකිස්තානය පරාජය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 252 ක ඉලක්කය ඕවර 42 කදී කඩුලු 8 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පිලට අවසන් ඕවරයේදී ලකුණු 8 ක් රැස් කිරීමට සිදු වූ අතර චරිත් අසලංක අවසන් පන්දුවට අවශ්‍ය වූ ලකුණු දෙක රැස් කිරීමත් සමග ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමිවිය.

කුසල් මෙන්ඩිස් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 87 කදී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 91 ක් රැස් කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් මහා තරගය (17) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

පාකිස්තානු පිල ඕවර 42 කදී කඩුලු 7 ට 252 (අබ්දුල්ලා ශාෆික් 52, බාබර් අසාම් 29, මොහොමඩ් රිස්වාන් නොදැවී 86, ඉෆ්තිකාර් අහමඩ් 47, ප්‍රමෝත් මධුෂාන් 58/2, මතීෂ පතිරණ 65/3) ශ්‍රී ලංකා පිල ඕවර 42 කදී කඩුලු 8 ට 252 (පැතුම් නිස්සංක 29, කුසල් පෙරේරා 17, කුසල් මෙන්ඩිස් 91, සධීර සමරවික්‍රම 48, චරිත් අසලංක නොදැවී 49, ශාහින් ෂා අෆ්රිඩි 52/2, ඉෆ්තිකාර් අහමඩ් 50/3)

About The Author