සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයට පසුගියදා පත්කෙරුණු වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අද සිට එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.
මින්පසු සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් කිසිදු මාධ්‍යයකට අදහස් පල නොකරන ලෙස ඔහු වෙත දැනුම් දී තිබෙන බව දැනගන්නට ලැබී ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු මීට පෙර බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කල අතර එම ධුරයෙන්ද ඔහු ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ඔහු සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් අදාළ ධුරයෙන් ඉවත්වන ලෙස දැනුම් දී ඇති බවයි.
එමෙන්ම මේ සම්බන්ධව වැඩි දුර තොරතුරු මේ අවස්ථාවේ දී පැවසීමට තමා බලාපොරොත්තු නොවන බව සදහන් කල වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සුදුසු වෙලාවක දී ඒ පිළිබද කරුණු දක්වන බවද සදහන් කළා.
අත නොහැර කියවන තැන
මැට්ටෝ කියලා දැනගත්තොත් අයි.එම්.එෆ් දෙන එකක් නෑ
ගුරුවරුන්ට පාර වැසෙයි
රජයට සහය වෙමු – කුමාර වෙල්ගම