මේ වන විට සීග්‍රයෙන් ඉහල යන පොල් තෙල් මිල පාලනය කොට අඩු මිලට පොල් තෙල් වෙළඳ පොලට නිකුත් කල හැකි අපුර්ව විසඳුමක් වෙළඳ අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සොයාගෙන තිබෙනවා.
ඔහු යෝජනා කරන්නේ එයට විසඳුම ලෙස පොල් තෙල් පරිභෝජනය අඩු කිරීමට ජනතාව පියවර ගත යුතු බවයි.
ඒ වෙනුවට සොයා තෙල් වලට හුරුවන්නේ නම් නුදුරේදීම පොල්තෙල් මිල පහළ යනු ඇති බවද ඔහු සොයා ගෙන තිබෙනවා.
ආචාර්ය ගුණවර්ධන මහතා මෙම විසදුම යෝජනා කරන්නේ පොල් මිල පාලනය කිරීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදන ජනතාවගේ හාස්‍යයට ලක්ව ඇති මොහොතකයි.
මේ වනවිට පොල්තෙල් නිපදවීම සඳහා පොල් මද මෙරටට ආනයනය කිරීම මෙම ආණ්ඩුව විසින් ආරම්භ කර ඇති අතර එම පසුබිම තුළ පොල් මිල අඩු කිරීම සඳහා පොල් තෙල්වලට ආදේශකයක් ලෙස සෝයා තෙල් භාවිතා කළ හැකි බවයි වෙළඳ ඇමතිවරයාසඳහන් කර ඇත්තේ.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි