මේ වසරේ වියදම් පියවීම සඳහා රජය ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මෙහිදී විපක්ෂය ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේ නොසිටි අතර. සමගි ජන බලවේගය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද සිය විරෝධතාව සටහන් කර ගන්නා ලෙස කථානායකවරයාට දැනුම් දෙනු ලැබුවා.
විසර්ජන පනත් කෙටුම්පත පිළිබද රජයේ ප්‍රකාශය මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ය.
මේ අතර, ලබන වසර සඳහා වන අයවැය ලේඛනය එළඹෙන 17 වන දා පස්වරුවේ මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අත නොහැර කියවන තැන
ජනාධිපතිවරණය අස්සේ ඌවට නව ආණ්ඩුකාරයෙක්
ලංකාවේ ජනාධිපතිවරණය නිරීක්ෂණයට යුරෝපා සංගමයෙන් විශේෂ කණ්ඩායම් කිහිපයක්
බාල ඖෂධ සිද්ධියේ සමාගම හිමිකරු අංගොඩට – කෙහෙළිය දිගටම හිරේ – නිදහස් නොකලොත් අංගවිකල වෙයිලු