Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විවේක්ගේ වේලාව සහ බිපාෂාගේ බය


ඔයගොල්ලෝ කවදා හරි මිනිස්සුන්ට බය නිළියෝ දැකලා තියෙනවද? ඉන්දියාවේ නම් එහෙම බය වෙන එකම නිළිය (දැනට වාර්තා වෙන විදිහට. තව ඉන්නවද දන්නෙ නෑ) තමයි බිපාෂා බාසු. පහුගිය දවසක පැවැත් වුණු එක්තරා හඳුන්වා දීමේ උත්සවයක දී තමයි කට්ටියට මේ භීතිකාව අහු වෙලා තියෙන්නේ.

සාමාන්‍ය විදිහට වේදිකාවට නැග්ග බිප්, එකපාරට ම දැක්කලු ඇවිත් හිටිය මහ සෙනඟ කන්දරාව. මොකද දන්නවද එයා කරලා තියෙන්නේ? කවුරුවත් නොහිතපු විදිහට ආපහු හැරිලා කාමරයක් ඇතුළට දුවලා ගිහින් දොර වහ ගත්තා ලූ. ඒ මදිවට එළියට එන්න ඕනේ නම්, තමන්ට අමතර ආරක්ෂාවක් සලසන්න කියලත් දැනුම් දුන්නාලූ.

ඒකයැ භයානක ම වැඩේ. බිප් කිව්වා ලූ අධ්‍යක්ෂකවරුන්ට එයාලා තමන්ට ගෙවන්න නියමිත ගණනට වඩා සෑහෙන්න වැඩි ගණනක් දැන් ඕනේ කියලා. හේතුව? එකවර වැඩි රසිකයන් සංඛ්‍යාවකට තමන්ව සියැසින් දැක ගන්න පුළුවන් වීම.

ඒ මදිවට මේ දවස්වල ඉන්දියාවේ නළුවන්ට උගන්නන්න සිද්ධ වෙලා තියෙන්නේ රඟපාන හැටි නෙවෙයි, වෙලාවට වැඩ කරන හැටි. විශේෂයෙන් ම විවේක් ඔබ්රෝයිට. විවේක්ගේ වෙලාවට වැඩ කිරීම කොයි තරම් ගෞරවනීය තත්ත්වයක තියෙනවාද කියනවා නම් ළඟදි දවසක එයාගේ කථන ගුරුවරයත් බලාගෙන ඉඳලා ඉඳලා බැරි ම තැන, දමලා ගහලා ගිහින්.

විවේක් මේ දවස්වල චිත‍්‍රපට දෙක තුනක ම රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ නිසා ගෙදර එන්න වත් වෙලාවක් නැහැ. එයාට පුහුණුවීම් කරන්න එන ගුරුවරයා හැමදාම මෙයාගේ ගෙදරට ගිහින් එයාට වචන පුහුණුවීම් කරවනවා ලූ. ඒත් විවේක්ට ඒ බව මතකත් නැහැ ලූ.

දවස් ගාණක් තිස්සේ සෑහෙන්න වෙලා උඩ බල බල හිටිය ඒ පුද්ගලයා, බැරි ම තැන විවේක්ට ඕන දෙයක් කර ගන්න කියලා යන්න ගියා ලූ.