රාජකාරි කරන මුවාවෙන් කැකිරාව ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 30 ක් කොල්ලකෑමේ සිද්ධියකට සැක පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා ඇති මොහොතක ගංජා කිලෝ පහළොවක් සහ නිධන් හැරීමට යොදා ගන්නා උපකරණ තොගයක් සමඟ මොණරාගල කොට්ඨාසය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවනවා.
ඊයේ රාත්‍රියේ විශේෂ කාර්ය බලකායේ විසින් සිදුකරන ලද මෙහෙයුමකදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඔහු සතුව වියළි ගංජා පැළ 550ක් තිබූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව සඳහන් කරනවා.
ඔහුගේ නිල නිවසේ දී මෙම ඇත අත්අඩංගුවට ගැනීම සිදුකර බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරන්නේ.
සැකකරු මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා රහස් පොලිසියට භාරට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට