Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විරෝධතාකරුවන් ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

මැතිවරණය කල්දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව “විරෝධය කොළඹට” යන මැයෙන් ජාතික ජන බලවේගය මේ වනවිට කොළඹදී විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

විරෝධතාකරුවන් නෙළුම් පොකුණ දෙස සිට පාගමනින් පුරහර දෙසට ගමන් කිරීමත් සමග පොලීසියෙන් ඔවුන් ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

ඒ අද පස්වරු 1 සිට රාත්‍රී 8 දක්වා කාලය තුළ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු නම් කළ පුද්ගලයින් 26දෙනෙකු හා ඊට සම්බන්ධවන සෙසු පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය සහ ගාලුමුවදොර පිටිය ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළුවීමෙන් වළකින ලෙස අධිකරණ ආඥාවේ නිකුත් කර ඇති පසුබිමකය.

මීට අමතරව මරදාන පොලිසිය විසින් කළ ඉල්ලීමකට අනුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයද එම විරෝධතාවයට අදාළව අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසට අධිකරණ ආඥාවක් නිකුත් කර තිබේ.

ඒ, කොළඹ රෝහල් චතුරශ්‍රය හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධාවන පරිදි ලිප්ටන් වටරවුමේ සිට ඩීන්ස් පාර සහ සීමන්ස් පාර හන්දිය දක්වා ඇති මහා මාර්ගයට ඇතුළු වීම තහනම් කරමිනි.

මෙවැනි පසුබිමක විරෝධතා පාගමන ආරම්භ වුයේ කොළඹ විහාර මහා දේවී උද්‍යානය අසලින්ය.

විරෝධතාකරුවන් පුරහල ආසන්නයට ළඟාවෙත්ම පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

About The Author