Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වියානාවට ප්‍රහාරයක්

ඔස්ට්‍රියාවේ වියානා නුවර ස්ථාන හයක දී පිරිසක් ස්වයංක්‍රීය ගිනි අවිවලින් වෙඩි තබා තිබෙන බව එරට පොලීසිය පවසයි. රටේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා විසින් එය “ත්‍රස්ත ප්‍රහාරයක්” ලෙස නම් කර තිබේ.

මෙම වෙඩි තැබීමෙන් මේ වන විට එක් අයෙකු මිය ගොස් ඇති අතර වෙඩි තැබූ එක් තුවක්කුකරුවෙකු ද පොලිස් වෙඩි පහරින් ඝාතණය වී ඇත. ප්‍රහාරය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වියානා නගරාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

පොලිසිය පැවසුවේ සැකකරුවන් කිහිප දෙනෙකු රයිෆල්වලින් සන්නද්ධ ව සිටි බවයි. තුවක්කුකරුවන් කී දෙනෙක් සිටියා ද යන්න තවමත් පැහැදිලි නැත. අවම වශයෙන් එක් ප්‍රහාරකයෙකුවත් තවමත් පලා යමින් සිටින බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසා තිබේ.

යුරෝපීය අගනුවරක අර්ධ ස්වයංක්‍රීය රයිෆල් අතින් ගත් මිනිසුන් නිදැල්ලේ හැසිරීම, සාපේක්ෂ ව දැඩි නීති සඳහා ප්‍රසිද්ධ මහාද්වීපයක දී කෙසේ සිදු වන්නට ඇත් ද යන වග පිළිබඳ ඕනෑම කෙනෙකු හට ප්‍රශ්න මතු විය හැකිය.

එනමුත් Gun-policy.org අධීක්ෂණ කණ්ඩායමට අනුව ඔස්ට්‍රියාව තුළ තුවක්කු සම්බන්ධ නීති වඩාත් ලිහිල් ය. ඒ අනුව ආත්මාරක්ෂාව ඇතුළු විවිධ හේතූන් මත පුද්ගලික තුවක්කු හිමිකාරිත්වයට අවසර ඇත. බලපත්‍රයක් සහිත අත් තුවක්කුව, පුනරාවර්තන වෙඩි බෙහෙත් සහ ඇතැම් අර්ධ ස්වයංක්‍රීය ආයුධ ද අයිති කර ගත හැකිය.  ඕනෑම අයදුම්කරුවෙකු ආයුධයක් ලබා ගැනීමට පෙර පසුබිම් පරීක්‍ෂණයකට මුහුණ දිය යුතුය.

ජිනීවාහි පිහිටි කුඩා ආයුධ සමීක්ෂණයකට අනුව ඔස්ට්‍රියාව ලොව 12 වන සන්නද්ධ රට වන අතර ලෙබනනය, බොස්නියාව සහ අයිස්ලන්තය වැනි රටවල මිනිසුන් 100කට තුවක්කු 30ක් පමණ ඇත.  සංසන්දනාත්මක ව බලන කල, එක්සත් ජනපදයේ 100කට තුවක්කු 120ක් ඇති අතර වඩාත්ම සන්නද්ධ යුරෝපීය රට වන මැසිඩෝනියාවේ 39ට 1ක් ඇත.

මෙම ප්‍රහාරය හේතුකොට ගෙන ඔස්ට්‍රියානු අගනුවර පිහිටි සියලුම සිනගෝග, යුදෙව් පාසල් සහ වියානාහි යුදෙව් ප්‍රජාවේ ආයතන මෙන් ම කොෂර් අවන්හල් සහ සුපිරි වෙළඳසැල් ආදී සියල්ල ම අඟහරුවාදා දිනයේ සිට වසා දමන බව ඔස්ට්‍රියාවේ යුදෙව් ආගමික ප්‍රජාවේ සභාපති ඔස්කාර් ඩොයිෂ්, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

සඳුදා සවස වියානාහි ප්‍රධාන සිනගෝගය වන සයිටෙන්ස්ටෙටෙන්ගාස් පල්ලිය අසල, කැෆේ සහ අවන්හල්වලින් පිරුණු කාර්යබහුල ප්‍රදේශයක අදාළ වෙඩි තැබීම සිදු විය. ඔස්ට්‍රියානු නායක සෙබස්තියන් කුර්ස් පැවසුවේ “යුදෙව් විරෝධී චේතනාවකින් මෙම ප්‍රහාරය සිදු වී ඇති නිසා සිද්ධිය නිකම් ම බැහැර කළ නොහැකි” බවයි.

වාසනාවකට මෙන් ප්‍රහාරය සිදුවන අවස්ථාවේ සිනගෝගය වසා දමා තිබුණේ සවස් වරුවේ යාඥාව අවසන් ව තිබූ නිසා ය. එනමුත් ⁣ඩොයිෂ් සිය ප්‍රකාශයේ සඳහන් කළේ, නගරයේ පිහිටි පන්සල ප්‍රහාරයේ ඉලක්කයක් වූවා ද යන සැකය දැනට තහවුරු කිරීමට හෝ බැහැර කිරීමට නොහැකි බව යි.

“වියානාහි යුදෙව් ප්‍රජාව (අයි.කේ.ජී.) පොලීසිය සමඟ සමීප සම්බන්ධතා පවත්වයි. වර්තමාන අවදානම් තක්සේරුව අනුව, සියලු දෙනා ම දිගටම නිවසේ හෝ ඉක්මනින් අගුලු දැමිය හැකි (lock down) ස්ථානයක රැඳී සිටින ලෙස ඉල්ලා සිටිමු.” ඔහු තවදුරටත් පැවසී ය.