Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විපක්ෂයේ “ස” ත් පිස්සෙක්, නේද සජියෝ? – රංගේ වේදිකාවක අමුතු පාපොච්චාරණයක් සිදු කරයි

රටත් පක්ෂයත් ගොඩනැගිය හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශීර්වාදය ලත් තැනැත්තෙකුට පමණක් බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.

ඔහු පවසන්නේ එම පුද්ගලයා තම නායකයාට පිටුපසින් ගොස් පිහියෙන් අනින පුද්ගලයෙකු නොවන බවයි.

මේ වන විට රුවන් විජයවර්ධන මහතා එලෙස කටයුතු කරමින් සිටින බවත් ඔහුට සහය ලබා දීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවත් රංගේ බණ්ඩාර මහතා පවසනවා.

සජිත් ප්‍රේමදාස මහතා හැර ගිය හේතුව ගැන පාපොච්චාරණයක්..

කලක් සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙනී සිටිමින් රනිල් වික්‍රමසිංහ මහතා දැඩිව විවේචනය කල පාලිත රංගේ බණ්ඩාර මහතා තමා සජිත් ප්‍රේමදාස මහතා ඇත හැර දැමීමට හේතුවද සදහන් කළා.

ඔහු පැවසුවේ වගකීමක් නොමැති උම්මන්තකයෙකු වැඩ කල විට තමන්ද අමාරුවේ වැටෙන බවයි.

අවසනයේ උම්මන්තක භාවය හේතුවෙන් උම්මන්තකයා නීතියෙන් බේරී ගියද අසල සිටින්නන්ට එම වැරදිවලට දඩුවම් විදීමට සිදුවන බවද ඔහු පැවසුවා.

පාලිත රංගේ බණ්ඩාර මහතා මේ අදහස් පල කළේ එක්සත් ජාතික පක්ෂය නැවත ප්‍රතිසංවිධානය කිරීම වෙනුවෙ අනුරාධපුර දී පසුගියදා (21) පැවති එම පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ හමුවක දී අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංගේ බණ්ඩාර මහතා පැවසුවේ ආණ්ඩුවේ ‘ස’ මෙන්ම විපක්ෂයේ ඩබල් ‘ස’ ද මේ වන විට ෆේල් වී ඇති බවයි.

අදාළ වීඩියෝව පහළින් බලන්න..