ලබන වසරේ ජනවාරි මාසය වන විට අඛණ්ඩ විදුලි සැපයීම සහතික කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළ බව ෂිංහුවා පුවත් සේවය පවසයි.
2022 පෙබරවාරි මාසයේ සිට ශ්‍රී ලංකාවේ දෛනික විදුලි කප්පාදුවක් සිදුවන අතර එක් අවස්ථාවක එම විදුලි කප්පාදුව පැය 13ක් දක්වා වර්ධනය වී තිබුණි.
කෙසේ වෙතත් මේ වන විට එම විදුලි කප්පාදුව පැය දෙකක පමණ කාල සීමාවකට සීමා වී තිබේ.
අමාත්‍යවරයා මෙහිදි පවසා ඇත්තේ පසුගිය මාස කිහිපය තුළ විදුලි කප්පාදුව විශාල ලෙස අඩු කිරීමට පියවර ගත් බවයි.
කෙසේ වෙතත් අඛණ්ඩ විදුලි සැපයුමක් විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව කළ නොහැකි බව පෙන්වා දී ඇති විජේසේකර මහතා, සෑම වසරකම ජනවාරි සහ ජුනි මාසවලදී විදුලි බිල සංශෝධනය කිරීම වඩාත් සුදුසු බව ද සඳහන් කර තිබෙනවා.
2023 දී පුනර්ජනනීය බලශක්තිය ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවත් එය ශ්‍රී ලංකාවට හොඳම බලශක්ති ප්රභවය වනු ඇති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා ඇති බවයි වාර්තාවන්නේ.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි