නීති විරෝධි ආකාරයට විදුලි බල පනත උල්ලංඝනය කරමින් සිදුකිරීමට යන විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිව අද (24) අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන බව විදුලිය පාවිච්චි කිරීමේ සංගමය කියා සිටී.
ඒ අනුව රීට් ආඥාවක් ලබා ගැනීමට කටයුතු කරන බව එම සංගමයේ ලේකම් සංජීව ධම්මික ‘අරුණ’ට පැවසුවේය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ, විදුලිබල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර ඇතුළු වගකිව යුත්තන් දැනුවත් කරමින් ද ලිපි යොමු කර ඇති බව ඔහු පවසා සිටියේය.
විදුලි බල පනත අනුව අතීත කාලයට බලපැවැත්වෙන පරිදි විදුලි බිල වැඩි කිරීමට කිසිසේත්ම නොහැකි අතර එය සම්පූර්ණයෙන්ම පනතේ 30 වැනි වගන්තිය අහෝසි කිරීමක් බව ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේය.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි