මේ මාසයේ සිට පිරිවැය මත විදුලි ගාස්තු ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ, විදුලිබල කර්මාන්තය සඳහා වන පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනය කිරීමට ද අනුමැතිය හිමි වූ බවය. ඉහළ ප්‍රතිශතයකින් විදුලි බිල ඉහළ නැංවීම සඳහා වන යෝජනාව කාංචන විජේසේකර අමාත්‍යවරයා විසින් පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි.
මෙම යෝජනාවට දැඩි ජනතා අප්‍රසාදය එල්ල වූණි.
විදුලි බිල ඉහළ නැංවීමට එරෙහි හැට නව ලක්ෂයක මහජන පෙත්සමක් අත්සන් කෙරුණු අතර එහි පළමු අදියරේ අත්සන් ලේඛන විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය විසින් ඊයේ (09) මහජන උපයෝගීතා කොමිසම වෙත භාර දුන් අතර විදුලි බිල ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වුව ද එය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුසන්නේ.
මේ අතර විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව විරෝධය පළකිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපිට අද (10) උද්ඝෝෂණයක් පැවැත්වෙන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේය.
කොහොම නමුත් අද සිට පැය 2යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අවසරය හිමිව තිබේ.
A සිට L දක්වා සහ P සිට W දක්වා කලාප සඳහා දහවල් කාලයේ පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20ක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට