Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විද්‍යාඥයාගේ ඝාතණයට ඊශ්‍රායලය වැරදිකරු ද?

 පසුගිය සිකුරාදා න්‍යෂ්ටික විද්‍යාඥයෙකු ඝාතණය කිරීම සම්බන්ධයෙන් ඉරානයේ ජනාධිපතිවරයා විසින් ඊශ්‍රායලයට දොස් පවරා තිබේ. එහෙත් එයින් රටේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ මන්දගාමී වනු ඇතැයි ඔවුන් සිතන්නේ නම්, එය වැරදීමක් බව ද ප්‍රකාශ කර තිබේ. ඉරාන විද්‍යඥයෙකු වූ මොසෙන් ෆක්‍රිසාඩේගේ ඝාතණය සම්බන්ධයෙන් ඉරානය ඊශ්‍රායලයෙන් පළිගනු ඇති බව ජනාධිපති හසන් රුහානි පැවසීය. එහෙත් ඊශ්‍රායල කැබිනට් අමාත්‍යවරයෙකු කියා සිටියේ ෆක්‍රිසාඩේ මහතාගේ මෝටර් රථය තුළ තුවක්කුකරුවන් සැඟවී සිටීම සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි.

 ෆක්‍රිසාඩේ යනු ඉරානයේ සුප්‍රසිද්ධ ම න්‍යෂ්ටික විද්‍යාඥයා වූ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා නවෝත්පාදන සංවිධානයේ ප්‍රධානියා ද විය. ඔහුගේ ඝාතණය එක්සත් ජනපදය හා එහි සමීප සගයා වන ඊශ්‍රායලය විසින් ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළට බාධා කිරීම පිණිස සිදු කළ ක්‍රියාවක් බවට චෝදනා එල්ල වෙයි. ජනාධිපති රුහානි කියා සිටියේ මේ සම්බන්ධයෙන් තම රට “නියමිත වේලාවට” ප්‍රතිචාර දක්වනු ඇති බව යි.

“මෙම සාපරාධී ක්‍රියාවට පිළිතුරු දීමට වඩා ඉරානයේ ජනතාව සහ නිලධාරීන් නිර්භීත බව ඉරානයේ සතුරන් දැන සිටිය යුතුය” යනුවෙන් ඔහු රූපවාහිනී කැබිනට් රැස්වීමක දී පැවසීය. මීට පෙර ද ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා චෝදනා කළේ ඊශ්‍රායල්වරුන් පීඩාකාරී සියොන්වාදී තන්ත්‍රයේ කුලී හේවායන් බව යි.

“ෆක්‍රිසාඩේගේ ඝාතණය අපගේ සතුරන්ගේ බලාපොරොත්තු සුන්වීම සහ ඔවුන්ගේ වෛරයේ ගැඹුර පෙන්නුම් කරයි. ඔහුගේ ප්‍රාණ පරිත්‍යාගය අපගේ ජයග්‍රහණ මන්දගාමී නොකරනු ඇත.”

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රහාරයේ වැරදිකරුවන්ට සහ එයට අණ දුන් අයට දඬුවම් කරන ලෙස ඉල්ලා සිටියේය. ඔහුගේ හමුදා උපදේශක හොසේන් ඩෙහාන් විසින් ප්‍රතිඥා දී තිබුණේ මෙම පහර දීම සිදු කළ අයට දරා ගත නොහැකි තරමට ප්‍රතිප්‍රහාර දෙන බව යි.

බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු එක්සත් ජනපද නිලධාරීන් තිදෙනෙකුගේ ප්‍රකාශ සලකා බලමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ මෙම ප්‍රහාරය පිටුපස ඊශ්‍රායලය සිටින බව යි. එහෙත් ඊශ්‍රායල කැබිනට් අමාත්‍ය ට්සාචි හනෙග්බි කියා සිටියේ ඒ පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳව කිසිදු හෝඩුවාවක් නොමැති බවයි.

 2018 අප්‍රේල් මාසයේදී ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිළිබඳ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ඉදිරිපත් කළ වාර්තාවේ දී ෆක්‍රිසාඩේගේ නම විශේෂයෙන් සඳහන් විය. ලොව පුරා ඊශ්‍රායල තානාපති කාර්යාල ඉරානය පිළිබඳ දැඩි සෝදිසියෙන් සිටින බව ඊශ්‍රායලයේ එන් 12 ප්‍රවෘත්ති වෙබ් අඩවිය පවසයි. කෙසේ වුවත් මෙම රාජ්‍ය ත‍්‍රස්ත ක‍්‍රියාව හෙළා දකින ලෙස ඉරාන විදේශ ඇමති මොහොමඩ් ජාවඩ් සරීෆ් ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් ඉල්ලා සිටියේය.