Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“මෙරට පළමු ස්වදේශීක ජාතිය දෙමළ .. අපිට ස්වයං පාලනය ඕනෑ” විග්නේෂ්වරන් සහ පිල්ලෙයාන් පාර්ලිමේන්තුවේ දී ජාතිවාදීවෙයි

ශ‍්‍රී ලංකාව නිජබිම කරගත් පලමු ස්වදේශීක වැසියන්ගේ භාෂාව දෙමල බවත් එය නොනැසී පවතින ලෝකයේ පැරණිම භාෂාව බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

ඔහුු මේ බව කියා සිටියේ නව වැනි පාර්ලිමේන්තුව ආරම්භක දිනයේදී නව කතානායක ලෙස තේරී පත් වූ මහින්ද යාපා අබේවර්ධන මහතාට සුබ පැතුම් එක් කරමිනි.

අද බිහිවී ඇති බල සම්පන්න රජය තරම්ම බලවත් රජයක් 1977දී බිහි වූ බවත් එම රජය 1983දී වධ බන්ධන සිදු කල බවත් ඔහු පෙන්වා දුන්නේය.

වත්මන් රජයටද එක්සත් ජාතික පක්ෂය ගිය මග දිගේ ගියහොත් අනාගතයේ එක් මන්ත‍්‍රී ධුරයක් දක්වා පසු බසින්නට සිදුවනු ඇතැයිද ඔහු කියා සිටියේය.

උතුර හා නැගෙනහිර ජීවත්වන ජනතාවට ස්වභාවිකවම උරුම වී ඇති අයිතීන් සේම ඔවුනට හිමි ස්වයං පාලන අයිතීන් පිලිගැනීම කල යුතු බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.

දමිළ දේශපාලන නායකයෙකු මරා දැමීම සම්බන්ධයෙන් දැනට සිරගතව සිටින ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මන්ත්‍රීවරයාද පාර්ලිමේන්තුවට පැමිණ අදහස් පල කළ අතර ඔහු 13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට එරෙහිව අදහස් පල කළා.

විග්නේශ්වරන් සහ පිල්ලෙයාන් යන දෙදෙනාම රජ පක්ෂ රජයට සහය පල කරමින් මෙවර මහා මැතිවරණයට වෙනම තරග කළ අතර ඔවුන් විසින් ජාතිවාදය මතු කරමින් සිදු කරන ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැවැන්ත කතිකාවක් ද නිර්මාණය වී තිබෙනවා.