2022 නොවැම්බර් 27

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වැසිකිලි දුර්ගන්දයෙන් සපුගස්කන්ද පිරී යයි : හේතුව මෙන්න

සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් දැඩි දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ පෙර මෙන් නොව මීට දින කිහිපයක පමණ සිට සපුගස්කන්ද පිරිපහදුවෙන් අධික දුර්ගන්ධයක් හමන අතර, තම දෛනික ජීවිතය පවත්වාගෙන යාමට පවා එය බාධාවක් වී ඇති බවයි.

මෙම තත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් දැනුවත් කළ බව බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොල සඳහන් කළේය.

එහි දී පිරිපහදුවෙන් පිටවන දුමෙහි සල්ෆර් ප්‍රතිශතය ඉහළ යාම හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇති බවට අදාළ නිලධාරීන් සඳහන් කළ බව බියගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

සල්ෆර් අගයෙන් වැඩි බාල තෙල් තොග පිරිපහදු කිරීමට යාමෙන් මෙම තත්වය මතු ඇති බවද මේ වන විට අනාවරණය වී තිබෙනවා.

එම සල්ෆර් ඩයොක්සයිඩ් අධික ලෙස ආග්‍රහණය කිරීම අහිතකර ප්‍රතිඵල ගෙන දෙන අතර එම වායුවේ ඇති සල්ෆර් හේතුවෙන් දුර්ගන්ධය නිකුත් වේ.

එම වායුව ආශ්වාස කරන විට, කැස්ස, සොටු දියර ගැලීම සහ උගුරේ අමාරුව වැනි තත්වයන් මෙන්ම හුස්ම හිරවීම සහ ගිලීමේ අපහසුව, කථන ආබාධ, පාලනය කළ නොහැකි වමනය සහ පෙනහළු ඉදිමීම පවා ඇති විය හැකි බව විශේෂඥ මතයයි.