වැරදි කරුණු සමාජ ගත කිරීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදකයකු ගේ මුහුණටම පැවසීමෙ සිදුවීමක් වාර්තා වනවා
ඒ පසුගිය සදුදා හිරු ටීවී ඔස්සේ විකාශය වූ සලකුණ වැඩසටහන දී ඊලම යන වචනය සම්බන්ධයෙන් ඇතිවූ කතාබහක් අතරතුරයි.
එහි දී අදාළ නිවේදකයා මහින්ද දේශප්‍රිය මහතාගෙන් ප්‍රශ්න කළේ ඊලම යන වචනය මෙරට ආණ්ඩු ව්‍යවස්ථා වූ දේශපාලන ක්‍රමවේදය ගැලපෙන්නේද යන්නයි.
මැතිවරණ හිටපු සභාපති වරයා සඳහන් කළේ ඊලම යන වචනය ශ්‍රී ලංකාව යන වචනයට සමාන දෙමළ වචනයක් වන බවයි.
එය රත්න දීප ,හෙළය වැනි සිංහල වචන මෙන් වන දෙමල වචනයක් බවද ඔහු පෙන්වා දුන්නා.
නමුත් තමන් කිසි විටක දෙමළ ඊළම හෝ සිංහල ලංකාව යන හැදින්වීම් අනුමත නොකරන බවද පැවසු දේශප්‍රිය මහතා ඇතැමුන් සත්‍ය කරුණු වෙනුවට විකෘති කරන ලද කරුණු සමාජ ගත කිරීමට කටයුතු කරන බවද පේනවා දුන්නා.
අදාළ වීඩියෝව පහළින්..
අත නොහැර කියවන තැන
ප්‍රමිතියෙන් තොර බාල පොල් තෙල් තවමත් වෙළඳපොලේ – ඇමති අමරවීර පාර්ලිමේන්තුවේදී පිළිගනී
විපක්ෂ නායක ඉල්ලා අස් වුනා ද?
සජිත් – මහින්දානන්ද පැටලෙයි – පාර්ලිමේන්තුව උණුසුම් – සිරිකොතත් පැටලෙයි