Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වැඩිපුර ම සොයා බැලූ වචනය කුමක් ද?

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට (ඕ.ඊ.ඩී.) 2020 වර්ෂය සඳහා වැඩි වශයෙන් සොයා බැලූ වචනය නම් කිරීමට නොහැකි වී ඇත. ඒ වෙනුවට මේ වසරේ භාෂාව කෙතරම් දුරට හා කෙතරම් වේගයෙන් වර්ධනය වී ඇත්දැයි ගවේෂණය කිරීමට ඔවුන් තීරණය කර තිබේ.

“2020 යනු එක් වචනයක් තුළ පිළිවෙළක් සෙවිය හැකි වසරක් නොවන බව ඉතා ඉක්මණින් පැහැදිලි විය. භාෂාව වේගයෙන් හා නැවත නැවතත් අනුවර්තනය වෙමින් තිබේ.” ඕ.ඊ.ඩී. පැවසීය.

“පෙර නොවූ විරූ වසරක වචන” යන මාතෘකාවෙන් යුත් මෙම වාර්තාව 2020 වසරේ දී භාවිතයේ විශාල වැඩිවීමක් දැක ඇති නාම පදයක් සෙවීමට උත්සාහ කර තිබේ. එනමුත් උත්සාහය සාර්ථක වී නොමැති බව පෙනී යයි.

“මේ වසරේ ඉංග්‍රීසි කතා කරන ලෝකය කොරෝනා වෛරසයට සම්බන්ධ නව සාමූහික වාග් මාලාවක් අධිවේගයකින් රැස් කර තිබෙන බව පෙනේ. එය කොතරම් ඉක්මනින් භාෂාවේ ප්‍රධාන අංගයක් බවට පත් වී ඇත්ද යන්න සිතා ගත නොහැකි ය.”යනුවෙන් එම වාර්තාව පෙන්වා දී තිබේ.

About The Author