මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායූ විමෝචන අංශය මඟින් අධික ලෙස දුම් පිට කරන වාහන සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
ඒ පිළිබඳ දැනුම්දීම සඳහා 070 350 0525 යන වට්ස්ඇප් දුරකථන අංකය ද ලබා දී ඇත.
විශේෂයෙන් පෞද්ගලික බස් රථ මෙන්ම ලංකා ගමන ගමන මණ්ඩලයේ බස් රථ, රජයේ වාහන මෙන්ම පොලීසියේ වාහන සම්බන්ධයෙන්ද එලෙස පැමිණිලි රැසක් ලැබී ඇතැයි වාර්තා වේ.
සෑම මසකම අවසාන සතියේදී කොළඹ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් රථවල දුම් පරීක්ෂාව සිදුකරන අතර පසුගිය මස සිදුකරන ලද පරීක්ෂාවෙන් බස් රථ 40%කට වැඩි ප්‍රමාණයක් දුම් පරීක්ෂාවෙන් අසමත් වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.
මෙහිදී අසමත් වන වාහන දින 14ක කාලයක් තුළ වේරහැර ප්‍රධාන කාර්යාලය වෙත යොමුකර අදාළ පරීක්ෂාවන් සිදුකරනොගන්නේ නම් එම අදායම් බලපත්‍ර අසාදු ලේඛන ගත කරන බව ඔහු සඳහන් කළේය.
එම මාධ්‍ය හමුවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායූ විමෝචන අංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අයි.ජී. දසුන් ජනක මහතාද එක්ව සිටියේය.
පසුගිය වසර කිහිපය තුළ සිදුකළ නිරීක්ෂණවලින් දුම් පිටකරන වාහන ප්‍රමාණය වැඩි වී තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
දුම් පරීක්ෂණයෙන් අසමත් වන වාහන සඳහා පළමු නියෝගය අනුව වේරහැර ප්‍රධාන කාර්යාලය වෙත පැමිණියේ නැත්නම් සිහිකැඳවීමක් කරන බවත් එයටත් අනුගත නැත්නම් සාමාන්‍ය ක්‍රමවේදයට අදායම් බලපත්‍රය ගත නොහැකි වන අයුරින් අසාදු ලේඛන ගත කරන බව ඔහු කියාසිටියේය.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි