Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වාසියට රෙද්ද ඉස්සුවා ඇති..! එක තැනක හිට ගනිං..!! ඉල්ලන් කෑම ඉක්මන් ද? කල් යයිද? – සතී පනාවැන්න

ඇමරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ඉන්දියාවට ගිහින් ලොකු අයියා බැහැ දැක ලංකාවට එන්නට නියමිතය. මේ පැමිනීමට ටික දිනකට කලින් ජපානයේදි, ඇමරිකන්, ජපන්, ඉන්දියා සහ ඔස්ට්‍රෙලියා යන රටවල් හතරේ විදෙස් ඇමතිවරුන් එක්ව සුවිශේශී සාකච්ඡාවක් පැවැත්වුනා. ඒ ඉන්දියන් සාගරයේ නිදහස් ප්‍රවේශය සහ චීන නැගිටීම පාලනය කරන ආකාරය ගැනය. ලෝක බලතුලනයේදී මේ කඳවුරු දෙකේ තෙවන ලෝක යුද්ධය ඇරඹී තියෙන්නේ කලින් යුද්ධ දෙකේදි වගේ ආයුධ සහ හමුදාමය ගැටුම් සමග කෙලින්ම ගැට ගැහෙන ලෙස නොවුනත්, ඇති විය හැකි දුර්විපාක පෙරට වඩා අයහපත් වෙන්න පුළුවන්. එනිසා රට ලොකුද, පොඩිද කියන එකට වඩා, ඒ රටේ විදෙස් ප්‍රතිපත්තියේ සෘජු බව, විනිවිද සුළු භාවයේ වැදගත්කම ඉතා පැහැදිලියි. මෙයට හොඳම උදාහරණය පහු ගිය දා ඉන්දුනීසාවෙන් දී තිබුණා. ලෝක බලවතුන් දෙදෙනාගේ ගැටුමේදී තමන් කිසිම පාර්ශවයක් නියෝජනය නොකරන බව සඳහන් කරමින් ඉන්දියන් සාගරය නිරීක්ෂණය කරන ඇමරිකන් ගුවන් යානා ඔවුන්ගේ රටට ගොඩ බසින්න අවසර නොදීමත් සමග. ඒ වගේම බංග්ලිදේශ වරාය සංවර්ධනයටද අපිට වගේම ඇටවු උගුලට අසු නොවු එරට රජය, චීනය අත හැර ජපානය සමග හිට ගත්තා. කොහොම උනත් මේ චීන ණය උගුල සහ චීනය ණය දෙන්නට යොදාගන්නා ක්‍රමය ගැන දැනට දකුනු අප්‍රිකාවේ වෙසෙන මහාචාර්ය චන්දිම ගෝමස් මහතා සිය බ්ලොග් පිටුවේ අපූරුවට විස්තර කර තිබුණා.

දැන් මොකද වෙන්නේ?
———————–
ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් ඩීන් තොම්සන් මහතා පෙරේදා (22) රොයිටර් පුවත් සේවය සමග පවසා තිබුණ, “කවුරුන් සමග ඉදිරියට යනවාද යන්න ශ්‍රී ලංකාව තීරණය කළ යුතුයි” කියලා. මේ කියන්නේ උඹලට දෙපැත්තටම පශ්චාත් බාගය දීලා ලංකාවේ පොලිටික්ස් වලදි කරනව වගේ ඩීල් වැඩේ කරන්න ඉඩ දෙන්න බෑ, චීනේද? ඇමරිකාවද? කියලා හරියට තෝරගනින් කියන විධානය නෙවෙයිද? ඒ වගේම ඔහු පවසා තිබුණ “අපි ශ්‍රී ලංකාව උනන්දු කරනවා අප විසින් ඉදිරිපත් කරන විනිවිද පෙනෙන සහ තිරසාර ආර්ථික සංවර්ධන යෝජනා පිළිගන්නා ලෙසත්, ඒ වෙනුවට අපහැදිළි සහ විනිවිද නොපෙනන ක්‍රියාවන් නොකිරීමටත්”, මේ නම නොකියා කියන්නේ චීනෙන් දෙන කොමිස් වලට කරන වැඩ ටික නතර කරපන්. එම්.සී.සී. වගේ දේ පිළි ගනින් කියන එක බව ඕන ළදරුවෙකුට පැහැදිලියි.

දැන් ඉතින් අපි කුමක් කරමුද?
————————–
අපිට දැන් නොබැඳි තැනකට යන්නට බැරි බව පැහැදිළියි. දැන් අපි හතර අතේ රෙද්ද උස්සා හමාරය. ඒ වගේම “ඩීල් සහ ගේම් පොලිටික්ස්” අන්තර්ජාතික ගනුදෙනු වලදී හරියන්නේ නැත. එනිසා මයික් පොම්පියෝ එන්නේ පැහැදිලිවම, බෙල්ලෙන් අල්ලා එම්.සී.සී. සහ වෙනත් ගිවිසුම් වලට කැමැත්ත ගැනීමට ඕන තග දමා යන්නට බව නොතේරෙන අයෙක් නැත. අපට අත් වෙන ඉරණම ඉක්මනට හම්බ වෙනවද? කල් ගිහින් හම්බ වෙනවද? කියන එක ඉදිරි ඇමරිකන් ජනාධිපතිවරණය සමග ලියැවෙනු ඇති. ට්‍රම්ප් දින්නොත්, 20-20 මැච් එකකදි වගේත්, ජෝ බයිඩන් දින්නොත් ටෙස්ට් මැච් එකකදි වගේත් කෑමට පුළුවන් වෙනු ඇත. මොකද ඔය මොන සෙල්ලම් දැම්මත්, සිරියාවට, ඉරානයට, ලිබියාවට ගහන කොට මුලදි ටෝක් දුන්න චීනා පැත්ත පලාතක සිටියේ නැත. මොකද මේ පොඩි පොඩි මාකට් වලට වඩා චීනාට ඇමරිකන් මාකට් එක ලොකුය. මගේ පුරෝකථනය අනුව කෝවිඩ් කෙසේ වෙතත්, ලෝක සංග්‍රාමික හා තාක්ෂණික දේශපාලනයේදි තවමත් චීනය ඉන්නේ ඇමරිකාවට වඩා දශකයක් විතර පිටු පසිනි. එසේම 2/3, සහ 69 ලක්ශේ ජනවරම නිසි ලෙස භාවිතා කිරීමට මේ පාලකයන් අසමත් බව මේ කෙටි කාලයේ මනා ලෙස ඔප්පු කොට ඇත.

යටත් වීමේ සහ ජීවත් වීමේ මනස..
—————————–
ලංකාවේ ගොඩක් මිනිස්සු චීනා එක්ක ගනු දෙනු කරන්න කැමතිය, උන්ගෙන් ණය ගන්න කැමතිය. ඒ වුනාට චීනෙ ගිහින් ජීවත් වෙන්න, අඩුම ගානේ චීනෙන් දෙන උපාධි පාඨමාලාවකට යන්නට පවා අකමැතිය. අදි මදි කරයි. යන්නේ වෙන එකක් නොලැබුනොත් පමනයි. පදිංචියට චාන්ස් එකක් ලැබුනොත් යන්න දඟලන්නේ ඇමරිකාවට, ඔස්ට්‍රේලියාවට හෝ යුරෝපයටය. ඒ උනාට උන්ගෙන් ණය ගන්න, උන් එක්ක ගනු දෙනු කරන්න අකමැතිය. හේතුව වාමාංශික කල්ලි, දේශප්‍රේ+මීයෝ යැයි කියා ගන්නා කල්ලි කලක් තිස්සේ ඔළු තුලට ගිල්ලපු ව්‍යාජ අදහස්ය. යටත් වෙනවා නම් මොකාට යටත් උනත් යටත් වීමක් වන බව ඒ ටිකිරි මොල වලට තේරෙන්නේ නැත. ඔය චීනාට ලව් කරන අය, ‘කනට තුවක්කුව තබා, කටවහන් වැඩ කරපන්’ කියන දාට හිතින් චීනාට ලව් කිරීම නවතනු ඇත.

යම් හදිසි අවසථාවක් ආවොත් අයියලා, මල්ලිලා සහ දේශපාලක හැත්ත බුරුත්ත සිය බලය ධනය යොදවා ද්විත්ව, ත්‍රිත්ව පුරවැසි කම් හිමි, සිය දරු මුනුපුරන් ඉන්න රට රට වලට පැන ගනු ඇත. උන්ට චන්දේ දීලා කිරිබත් කන ඔබ මේ තෝරු මෝරු සටන් අස්සේ තැලෙන හාල් මැස්සන් බවට පත් වන බව නොඅනුමානය. ලෝ වැඩ සඟරාවේ කවි දෙපදයකින් මේ සටහන නිමා කරමි.

“ළිප ගිනි මොළවන තෙක් දිය සැළියේ
සැපයක් යයි කකුළුව දිය කෙළියේ”

සතී පනාවැන්න

About The Author