Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ව්‍යාජ අනුකරණ වෙළඳපොළේ , මම වගකියන්නේ ඔරිමජිනල් එකට විතරයි – ධම්මික බණ්ඩාර කියයි

තමා නිපදවු කොවිඩ් නැසීමේ ඖෂධීය පැණිය ලෙස පවසමින් වංචනිකයන් විසින් ව්‍යාජ අනුකරණ විශාල මුදලකට අලෙවි කරමින් සිටින බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා පවසනවා.

ඔහු ජනතවගෙන් ඉල්ලා සිටින්නේ ව්‍යාජ අනුකරණ වලට නොරැවටෙන ලෙසයි,

එලෙස මිලදී ගෙන පානය කරන පාන වර්ග සම්බන්ධයෙන් තමන්ට වග කීමට නොහැකි බවද ඔහු පෙන්වා දෙනවා.

ව්‍යාජ නිෂ්පාදන ජනතවට අලෙවි කළ එක පුද්ගලයෙකු ඔහු තමන්ගේ මස්සිනා කෙනෙකු ලෙසද හදුන්වා දී ඇති බව ද බණ්ඩාර මහතා පෙන්වා දෙනවා.

“වීරභද්‍ර කොරෝනා නිවාරණ ප්‍රතිශක්ති ඖෂධය” ලෙසම සඳහන් කරමින් තමන්ගේ ඖෂධය අලෙවි කළ පුද්ගලයෙකු බෝතල් 17 ක් ද සමග තමන්ගේ ගෝල බාලයන් පිරිසක් විසින් අල්ලාගත් බවත් එම පුද්ගලයා විසින් ව්‍යාජ ඖෂධය අඩංගු කාලේ බෝතලයක් රුපියල් 25000 ක මුදලට අලෙවි කර ඇති බවද ධම්මික බණ්ඩාර මහතා සදහන් කරනවා.

කෑගල්ලෙන් ද මෙවැනි සිද්ධීන් වාර්තාවන බවයි ඔහු පවසන්නේ.

එබැවින් මෙවැනි වංචනිකයන් සම්බන්ධයෙන් තොරතුරු ඇතොත් තමා ට දැනුම් දෙන ලෙසද ඔහු ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් පහුගිය කාලයේ ධම්මික බණ්ඩාර මහතා ලබා දුන් පැණිය පානය කල පුද්ගලයින් කිහිප දෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වූ අතර ඔහු අතින්ම පිළිගැන්වූ පැණිය පානය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද මේ වන විට නිරෝධායනයේ පසුවන බවට ද අප වෙත වාර්තා වී තිබෙනවා.

About The Author